Skip to main content

Posts

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්
Recent posts

අවබෝධයට මග 71 - ධර්ම යුද්ධය

සිරි සමන්තභද්‍ර හිමි දේශනා කරන අවබෝධයට මග දේශනා මාලාව

සිරි සමන්තභද්‍ර හිමි දේශනා කරන අවබෝධයට මග දේශනා මාලාව 

සමන්තභද්‍ර හිමියන්ගේ උපාධි සහතිකයත් කරලියට...

එක්තරා භික්ෂුවක්ගේ ක්‍රියාකලාපය හා ඉන් අත්වන අනිටු විපාක පිලිබඳ සදහන් කරමින් සිරි සමන්තභද්‍ර හිමියන්, මිට වසර දෙකකට ඉහතදී සිදුකල සාකච්ඡාවක් ඇතුලත් වීඩියෝවක, පිටිදූවේ හිමියන්ට උපාධියක් නැතැයි කියූ පුදගලයකුගේ කමෙන්ටුවට එදිරිව සිරි සදහම් නිල ෆේස්බුක් පිටුව ඔස්සේ මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි. එහිදී සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ විද්‍යාවේදී උපාධි සහතිකය ද පළකර තිබිණි. එම වීඩියෝව සඳහා පහත සම්බන්ධතාවයෙන් පිවිසෙන්න පුළුවන් https://www.facebook.com/ashramaya/videos/711869782961535/ මුල් වැඩසටහන සඳහා මෙතනින් https://youtu.be/SKe5pdohKQQ පිටිදූවේ හිමියන්ගේ උපාධි සහතිකයේ පිටපත

ගංවතුර පැරදවූ මිනිසත්කම

ජාතිබේද, කුලමල කිසිත් නොහඳුනන ජලකඳ මුළු ගමත් පල්ලියත්, පන්සලත් යටකළේය. ඇඳිවත පමණක් ඉතිරිවූ අසරණ මිනිසුන්, පිළිසරණ සඳහා ආගමික මධ්‍යස්ථානය වෙත යන්නට වූයේ බුදුන් වන්දින්නටවත්, යාඥා කරන්නටවත් නොව තමන්ගේ අදෝනාව කියා, පිහිටක් වන කෙනෙකුන් සොයාය. එක් එක් හැඩතල වලින් ඔවුන් නිර්මාණය කරගත්, ඔවුනටම අවේනික වූ විවිධ සංස්කෘතීන් තිබුනද, එදා ඒ සියල්ලෝම එකම හැලියේ උයාගෙන කන්නට වූහ. තම ආගම ජාතිය වෙනුවෙන් හඬ නගන සියල්ලන්ගේම මේ අපූරු යතාර්ථය හදවත ස්පර්ශ කලේ සළු මොහොතකට පමණක්ම විය. ඒ ඔවුන් දන් නා පරිදි එක් එක් ආගමට වෙන වෙනම සත්‍යක් ඇතැයි යන්න ඔවුන් තුල සාම්ප්‍රදායික වශයෙන් මුල්බැසගෙන තිබූ බැවිණි. නමුත් ලොව පවතින, සෑම ආගමකටම පොදු වූ ධර්මතාවයේ වෙස්ගත් ගංවතුර එක සේ සියලු භක්තිකයින්ගේ දෙපා සෝදා එම සත්‍ය කියන්නට වෙහෙස වූවද, ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනය සෝදා හරින්නට ගංවතුරට නොහැකිවිය. එය එසේ සිදුවෙද්දී, මේ සියල්ල දෙස බලා සිටි ගලවුම්කරුවාණෝ ඔවුන්ගේ ජීවිත පිලිබඳ සොයා බලන්නට එහි වැඩමකොට, ඔවුන්ගේ ඕනෑ එපාකම් පිලිබඳ කතා කොට, බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ කැපකරු දායක සභාවත්, මාධ්‍ය දායකත්වය ලෙසින් FM 107, වී රේ