Skip to main content

Posts

Showing posts from April, 2016

සිතට මෙන්ම ගතටද ඖෂධ ...

දහසක් බලාපොරොත්තු සිහින මාලිගා යතාර්ථයක් කරන්නට වෙහෙස වී දුක උරුමකරගත් මිනිසුන්ට, සිතේ සහනය උදාකරනු වස් දහම් දෙසු උන්වහන්සේ ඉන් නොනැවතුනෝය. මඩෙහි හැදී වැදී, ඉන් මතුපිටට විත් විකසිත වූ සියපත ලොවම සුවඳවත් කරනා ලෙසින්, උන්වහන්සේ ඔවුන්ගේ දහදිය සුවද අතරේ හැදී වැඩි යථාර්තය පසක්කොට, ජාති ආගම් කුල බේදයකින් තොරවම සියල්ලන්ටම මහා කරුණාවේ දෑත් දිගු කළෝය. ඒ බව සිහිපත් කරමින් පසුගිය 22 (2016-04-22) වැනි දින උන්වහන්සේගේ අනුශාසනා පරිදි  Umandāwa Maha Vihara Ashramaya  භූමියේදී වෛද්‍ය සායනයක් පැවැත්විණි. එහිදී , වකුගඩු සායනය, සුවනාරි සායනය, දන්ත වෛද්‍ය සායනය, භාහිරවෛද්‍ය සායනය, සහ ආයුර්වේද යන සායන නොමිලයේ දහසකට වඩා වැඩි පිරිසකට ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහාද යොමුකෙරිණි. 

අතින් අතට මෙන්ම සිතින් සිතට - පොළොන්නරුව සමාජ සත්කාරය

ඒ භාග්‍යවත්වූ අරිහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර සිරි සදහම් ආශ්‍රමය මගින් පොළොන්නරුවේ විසිදහකට අධික වකුගඩු රෝගීන් අතුරෙන් අඹගස්වැව ගම්මානයේ දිළිඳු මෙන්ම වකුගඩු රෝගයෙන් පෙලෙන් දරුවන් 400 ක් සඳහා පාසල් පොත් පත් හා උපකරණ , නිල ඇඳුම් , වියලි අහාර ද්‍රව්‍ය හා මුදල් ලබා දීම සිදු කරන ලදී, දෙස් විදෙස් දායකතුමන්ලා ගේ මෙන්ම ආශ්‍රමවාසි සංඝයා පිණ්ඩපාතයෙන් එකතු කරගත් සියලු ද්‍රව්‍ය ඉතාමත් බැතිබර සිතින් යුතුව පසු ගිය 2015 06 06 වනදා එම ගම්මානයේ දරුවන්ගේ අනාගතය උදෙසා පිරිනමන ලදී. මේ පිංකම සඳහා සිරි සදහම් ආශ්‍රමයේ දායක භවතුන් ගේ මෙන්ම ගම්වාසී පින්වතුන්ගේද සහය නොඅඩුව ලැබුණි . වැඩසටහන නිමවූ උන්වහන්සේලා පැමිණි අතරමග හමුවූ ප්‍රධාන නගරයන් හි සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින් වහන්සේ විසින් රචිත පොත් පත් , සංයුක්ත තැටි හා පත්‍රිකා 2000කට අසන්න ප්‍රමාණයක් නොමිලයේ බෙදා දෙන ලදී .