Skip to main content

Posts

Showing posts from May, 2015

කොටකෙතන ඇවිලෙයි! ඇත්ත මොකක්ද?

~~~~~~~~~~~~~~~~~~~~~~ කහවත්ත කොටකෙතන ගම්මානයේ සිදුවූ ඝාතන රැල්ලේ එක් ද්විත්ව ඝාතනයක් සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන තිබු පුද්ගලයින් දෙදෙනකු පසුගිය දිනෙක අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරිණි. ඊට හේතුව අදාල සැකකරුවන් වැරදි කරු ලෙස නිගමනය කිරීමට සාක්ෂි නොමැති වීමයි. ඇතැම් පුද්ගලයන් මෙම සිද්ධියේදී අධිකරණයට දෝෂාරෝපණය කලද සාක්ෂි නොමැතිව අධිකරණයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගන්නේ නැත. මෙයින් පසුව කොටකෙතන ගම්මානය නැවතත් ඇවිලී ගොස් ඇත.. ඇත්තටම මෙම සිද්ධිය පිටුපස සැඟවී ඇති සත්‍යය කුමක්ද ? මෙම කොටකෙතන ඝාතන භීතිකාව පිලිබඳ මීට පෙර සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පැහැදිලි කල අතර එහිදී උන්වහන්සේ සඳහන් කල සිටියේ ගම්වැසියන්ගේ අධ්‍යාත්මය පිරිහී ගොස් ඇති නිසා විවිධ බලවේග මිනිස් සිත් වලට ඇතුළු වී විවිධ අපරාද නිර්මාණය කර ඇති බවයි. මෙම ගම්වැසියන් හට ශාන්තියක් උදා කරලීම පිණිස සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ ප්‍රධානත්වයෙන් සිරි සදහම් ආශ්‍රමය මගින් කොටකෙතනට සදහම් යාත්‍රාවක් දියත් කොට එම ගම්මානයේ ජනතාවගේ අධ්‍යාත්මය ශක්තිමත් කොට , විවිධ බලවේග මගින් ඇති වූ බලපෑම් ඉවත් කොට ශාන්තිය උදා කරලීමට

කොටකෙතන යක්ෂණි අල්ලයි...

ඊයේ දින (2015-05-17 ) VIP Radio Fm 94.00 ඔස්සේ පවතී සච්ච ගවේෂී සජීවී දහම් සාකච්චාවේදී කොටකෙතන සම්බන්ධව අසන්නකු නැගු පැනයට පිළිතුරු වශයෙන් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි... "ජූනි මස කොටකෙතන යන්නට  සියලු කටයුතු සුදානම් කළද, කොටකෙතන විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඒ වෙනුවෙන් දැක්වූ අකමැත්ත නිසාවෙන් එම වැඩසටහන අවලංගු කරන්නට වෙනවා..." ලෙස උන්වහන්සේ ප්‍රකාශ කරමින්  තවදුරටත් කියා සිටියේ යම්කිසි ආගමික කටයුත්තක් සිදු කල යුත්තේ  ගමේ පන්සල මුලික කරගෙන මිස පාසල මුලික කරගෙන නොවන බවයි. ගමේ  ග්‍රාමසේවක මහතාද, පාසලේ විදුහල්පති තුමන්ද මේ සඳහා කැමැත්තක් දැක්වුවත් පන්සලේ කොටකෙතන පන්සලේ හාමුදුරුවන් වහන්සේ  මේ සඳහා අකමැති වීමට හේතුව ලෙස  සඳහන් කර ඇත්තේ විහිලු සහගත ලඳ බොළඳ පිළිතුරකි. මෙම වැඩසටහන අවලංගු කිරීමත් සමග සියලු ආධාර ද්‍රවය පොලොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින දරුවන් හා පවුල් විශාල ප්‍රමාණයකට බෙදා දීමට සංවිධානය කොට ඇත. මෙම වැඩසටහන ජුනි මස 6 වැනි දින ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ මගඟු වූ කර්තව්‍ය සඳහා කුමන හෝ අයුරකින්  දායක වීමට කැමති ඔබට සි

අරහත් සිරි සමන්තභද්‍ර හිමි තුන් පාර්ශවයකට චෝදනා කරයි

පසුගිය වෙසක් පොහෝදින සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ සමඟින් පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදී පාර්ශව තුනකට උන්වහන්සේ චෝදනා එල්ල කළහ. මව ඝාතනය කරන, පියා ඝාතනය  කරන සමාජයක් බිහිවීමට මෙම තුන් පාර්ශවය වගකිව යුතු බව උන්වහන්සේ අවධාරණය කළෝය. අහන්න... >>> සම්පුර්ණ සාකච්චාවට සවන්දීමට පිවිසෙන්න.... >>> https://youtu.be/fX2hYUSeqU8

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.