Skip to main content

Posts

Showing posts from June, 2015

ධාතු වන්දනාව ගැන ප්‍රසිද්ධ සංවාදයක් (මේ ඉරිදා දවල් 2.00 සජීවීව)

පසුගිය දිනයන්හි ධාතු වන්දනාව මුවාවෙන් සිඳුකළ අන්තවාදී මිත්‍යා පුදපුජාවන් පිලිබඳ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ VIP රේඩියෝ ඔස්සේ විකාශය වූ සච්ච ගවේෂී වැඩසටහන තුළින් දිගින් දිගටම හෙළිදරව් කළ අතර පසුගිය දිනයන් හි අපට අසන්නට ලැබුණ අලුත්ම පුවත නම් කරන්දෙණිය සමාධි විවේක සේනාසනයේ ධාතු වන්දනාව සඳහා සහම්පති මහා බ්‍රහ්මයා වැඩම කර ඇතැයි එහි අනුශාසක ගල්තුඩුවේ සුගුණ හිමි ගෙනගිය අසත් ‍ය ප්‍රචාරයයි. මේ සඳහා නෙත් FM, මව්බිම පුවත්පත හා රිවිර යන මාධ්‍ය ඔස්සේ වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නද , එහෙත් , මේවා හුදු මිත්‍යා විශ්වාස බව අප සිරි සදහම් ආශ්‍රමයෙන් හෙළිදරව් කරන ලදී. මේ පිලිබඳ ගල්තුඩුවේ සුගුණ හිමි එය සත්‍යයක් බවත් , සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ ගෙනයන මෙම වංචනික ක්‍රියා පිළිවෙත සමාජයට පෙන්වා දීමට පැමිණෙන බවත් , සියලු මාධ්‍ය ද රැගෙන 2015-06-05 දින උදෑසන 8.00 ට සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන බව ප්‍රකාශ කර සිටියහ. එහෙත් උන්වහන්සේ එදින අප ආරාමයට පැමිණියේ නැත. පසුව අප විසින් කළ විමසීමකදී , උන්වහන්සේ පවසා සිටියේ , උන්වහන්සේට අත්‍යාවශ්‍ය රාජකාරී ඇති බවත් පැමිණිය නොහැකි බව

නැති ධාතු මවා පෙන්වන නූතන මාධ්‍ය මාෆියාව

මාධ්‍යය මගින් බුදු සසුන හෑල්ලු කිරීම පිණිස තරඟයට මෙන් සිදුකරන ධාතු මාකටිං තරඟ ගැන මීට පෙර අප හෙළිකරන ලද සැබෑ තතු මෙතනින් >>   සැබෑවටම මෙය ඛේදනීය තත්වයකි. අද සාසනය මෙතරම් මාධ්‍යය මගින් යටත් කරගෙන තමන්ගේ කූට ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් නිර්මාණය කොට ගෙන තිබේද ? මොවුන් මේ අන්දවන්නේ ගමේ අහිංසක මෝඩ උපාසකම්මලායි. මෙහි උච්චතම තැන දැන් ඔබ ඉදිරියේ දිස් වෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ද ධාතුන් වහන්සේලා සොයාගෙන ඒවා ලංකාවේ පන්සලක ප්‍රදර්ශනයට තබා ඇති දසුනකුයි මේ .  මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ තමන් වහන්සේගේ ධාතු ශරීරය කිසිවෙකුට සොයාගත නොහැකි වෙන ලෙස කිසිදා සොයාගත නොහැකි ගල් ගුහාවක පිරිනිවුණු බව සඳහන්ය. කිසිදු පුරාවිද්‍යා සොයාගනිමකින් හෝ වත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතෙක් සොයාගෙන නැත. එහෙත් අද ධාතු ප්‍රදර්ශනවලට තබා ඇත. මේ සර්වඥ ධාතු , සර්වඥ නම විකුණමින් පෙන්වන ධාතු සහ මහරහතන් වහන්සේලාගේ නම විකුණමින් පෙන්වන ධාතු දුටු විට කෙසේ නම් බුද්ධාලම්භන ප්‍රීතියක් උපදීයිද ? මෙවන් බොරු වැඩ නිසා අපාගත වෙනවා මිසක් වෙන කුමක් වන්නද ? බුදු සසුන මෙවන් පහත් ලාභ උපයීමට ධාතු විකුණන වෙළෙන්දන්ගේ පා

මිඩියා මාකට් කරගැනීමේ නවතම බිලි කොක්ක: ධාතු star

    අද සමාජයේ නූගත් ප්‍රජාව සහ ආගමික භක්තියෙන් අන්ධ වූ කොටස් ග්‍රහණය කරගැනීමට ඇතැම් මාධ්‍ය වලින් දැන් දැන් අලුත්ම ක්‍රමයක් සොයාගෙන ඇත. ඒ නිසැක ධාතු , සර්වඥ ධාතු , දුටුගැමුණු ධාතු ආදී මාධ්‍ය එකිනෙකා පරයා පෙන්වන්නට උත්සහ කරනා ධාතු තරඟ නොහොත් නූතන ධාතු වන්දනා පූජාය. ඔවුන් මෙය කරන්නේ ආගමට දහමට ආදරෙන් ද ? නැත. තම තමන්ගේ මාධ්‍ය ආයතන මාකට් කොට විකුණගෙන මුදල් ඉපයිමටය. වෙනත් අයුරකින් කිවහොත් බුදුරජාණන් වහන්සේගේ නම විකුණා හම්බ කිරීමටය. ඇත්තටම මේ සැබෑ ධාතුන් වහන්සේලා ද ? නැත්නම් ප්‍රෝඩාවක් ද ? මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පැහැදිලි කිරීමක් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පසුගිය සච්ච ගවේසී වැඩසටහෙන්දී ඉදිරිපත් කළහ. මාධ්‍ය ක්ෂේත්‍රයේ ධාතු ස්ටාර් තරඟ ගැන කියන   ආන්දෝලනාත්මක හඬ පටය පහතින්....