ජාතිබේද, කුලමල කිසිත් නොහඳුනන ජලකඳ මුළු ගමත් පල්ලියත්, පන්සලත් යටකළේය. ඇඳිවත පමණක් ඉතිරිවූ අසරණ මිනිසුන්, පිළිසරණ සඳහා ආගමික මධ්‍යස්ථානය වෙත යන්නට වූයේ බුදුන් වන්දින්නටවත්, යාඥා කරන්නටවත් නොව තමන්ගේ අදෝනාව කියා, පිහිටක් වන කෙනෙකුන් සොයාය. එක් එක් හැඩතල වලින් ඔවුන් නිර්මාණය කරගත්, ඔවුනටම අවේනික වූ විවිධ සංස්කෘතීන් තිබුනද, එදා ඒ සියල්ලෝම එකම හැලියේ උයාගෙන කන්නට වූහ. තම ආගම ජාතිය වෙනුවෙන් හඬ නගන සියල්ලන්ගේම මේ අපූරු යතාර්ථය හදවත ස්පර්ශ කලේ සළු මොහොතකට පමණක්ම විය. ඒ ඔවුන් දන් නා පරිදි එක් එක් ආගමට වෙන වෙනම සත්‍යක් ඇතැයි යන්න ඔවුන් තුල සාම්ප්‍රදායික වශයෙන් මුල්බැසගෙන තිබූ බැවිණි. නමුත් ලොව පවතින, සෑම ආගමකටම පොදු වූ ධර්මතාවයේ වෙස්ගත් ගංවතුර එක සේ සියලු භක්තිකයින්ගේ දෙපා සෝදා එම සත්‍ය කියන්නට වෙහෙස වූවද, ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනය සෝදා හරින්නට ගංවතුරට නොහැකිවිය. එය එසේ සිදුවෙද්දී, මේ සියල්ල දෙස බලා සිටි ගලවුම්කරුවාණෝ ඔවුන්ගේ ජීවිත පිලිබඳ සොයා බලන්නට එහි වැඩමකොට, ඔවුන්ගේ ඕනෑ එපාකම් පිලිබඳ කතා කොට, බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ කැපකරු දායක සභාවත්, මාධ්‍ය දායකත්වය ලෙසින් FM 107, වී රේ
සත්‍ය සමාජගත කරන්නට...