Skip to main content

ගංවතුර පැරදවූ මිනිසත්කම

ජාතිබේද, කුලමල කිසිත් නොහඳුනන ජලකඳ මුළු ගමත් පල්ලියත්, පන්සලත් යටකළේය. ඇඳිවත පමණක් ඉතිරිවූ අසරණ මිනිසුන්, පිළිසරණ සඳහා ආගමික මධ්‍යස්ථානය වෙත යන්නට වූයේ බුදුන් වන්දින්නටවත්, යාඥා කරන්නටවත් නොව තමන්ගේ අදෝනාව කියා, පිහිටක් වන කෙනෙකුන් සොයාය.
එක් එක් හැඩතල වලින් ඔවුන් නිර්මාණය කරගත්, ඔවුනටම අවේනික වූ විවිධ සංස්කෘතීන් තිබුනද, එදා ඒ සියල්ලෝම එකම හැලියේ උයාගෙන කන්නට වූහ. තම ආගම ජාතිය වෙනුවෙන් හඬ නගන සියල්ලන්ගේම මේ අපූරු යතාර්ථය හදවත ස්පර්ශ කලේ සළු මොහොතකට පමණක්ම විය. ඒ ඔවුන් දන්නා පරිදි එක් එක් ආගමට වෙන වෙනම සත්‍යක් ඇතැයි යන්න ඔවුන් තුල සාම්ප්‍රදායික වශයෙන් මුල්බැසගෙන තිබූ බැවිණි.
නමුත් ලොව පවතින, සෑම ආගමකටම පොදු වූ ධර්මතාවයේ වෙස්ගත් ගංවතුර එක සේ සියලු භක්තිකයින්ගේ දෙපා සෝදා එම සත්‍ය කියන්නට වෙහෙස වූවද, ඔවුන්ගේ සාම්ප්‍රදායික චින්තනය සෝදා හරින්නට ගංවතුරට නොහැකිවිය.
එය එසේ සිදුවෙද්දී, මේ සියල්ල දෙස බලා සිටි ගලවුම්කරුවාණෝ ඔවුන්ගේ ජීවිත පිලිබඳ සොයා බලන්නට එහි වැඩමකොට, ඔවුන්ගේ ඕනෑ එපාකම් පිලිබඳ කතා කොට, බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ කැපකරු දායක සභාවත්, මාධ්‍ය දායකත්වය ලෙසින් FM 107, වී රේඩියෝ එක්ව ඔවුනට අධාරයක් වන්නට කටයුතු සැලසුම් කළහ. මේ අතර සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ වෙසක් පොහෝදින ඒ වෙනුවෙන් තම ශ්‍රාවක සංඝයාද එකතුව පිණ්ඩපාතයේද වැඩම කළහ.
මෙහි ප්‍රතිපලයක් ලෙසින් ඊයේ(2016-05-25) දින ,
සිරි සදහම් ආශ්‍රමය නියෝජනය කරමින් පැමිණි සිවනක් පිරිස ශ්‍රී නවලෝක විහාරස්ථානයේ ශ්‍රමදානමයකටයුත්තක්ද සිදු කොට ඉන් අනතුරුව, 800 කට ආසන්න පිරිසකට ඇසුරුම් කරනලද රසවත් රාත්‍රී ආහාර වේලක්ද, පවුල් 175ක් සඳහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ද, ළමුන් 60ක් සඳහා පොත්පත් සහා ඔවුනට අවශ්‍ය අනෙකුත් පාසල් උපකරණ කට්ටලද බෙදාදීමක්, ශාස්ත්‍රපති, කිවිපති පන්නල ඥානාලෝක ස්වාමීන්වහන්සේ වැඩවසන සේදවත්ත, නවලෝකපුර, ශ්‍රී නවලෝක විහාරස්ථානයේ දී පැවැත්විණි.



Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්