Skip to main content

Posts

Showing posts from August, 2020

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්