Skip to main content

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

 මේ මනුස්සයෙකුට මනුෂ්ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන. 

දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව. 

මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක්රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්ත ඇතුළට පුරව ගන්නෙ නෑ. සත්යය අවබෝධ කළ මුනිවරු වයසට යන්නෙ නෑ!!! ඒගොල්ලො වයසට යන්නෙ නෑ!!!! සමාජ සම්මතයට සාපේක්ෂව ඒගොල්ලො වයසට යන්නෙ ඉතාම අඩුවෙන්. ඉතාම අඩුවෙන්!!! හේතුව ඇතුළෙ මුකුත් නෑ. 

සමාජයේ ගොඩක් අය වයසට යන්නෙ සමාජ සාපේක්ෂකත් එක්ක සම්මත කරගෙන. සමහර අයගෙ ජීවිත ගොඩක් හිර වෙලා තියෙන්නෙ. ඒ මොකද ...නිදහසේ හිතන් බෑ. නිදහසේ කල්පනා කරන්න බෑ....ඒ ගොල්ලො ඉක්මණින්, වේගෙන් වයසට යනව. මේ සාපේක්ෂක සියල්ලෙන් නිදහස් වෙලා හිටියොත් මනුෂ්යයෙක්, එයා පිටසක්වල ජීවියෙක් වගේ වෙනව. හරි අමුතු වෙලා යනව. ඒ සාපේක්ෂක වලින් නිදහස් වෙන දහම තමයි මේ දේශනා කරන ධර්මය. ඒක හරි අමුතු කතාවක්. 

දැන් මං ප්රශ්නයක් අහනව. වයසට ගිය බුදු පිළිම දැකල තියෙනවද? එහෙම ඒව නෑ. එහෙම ඒව හදන්න ඕනත් නෑ, හදන්නත් නෑ, ඒ සත්යය අවබෝධ කළ කට්ටිය (වයසට නොයනව කියල මං කියන්නෙ නෑ 100%ක්) වයසට යන්නෙ ඉතාම අඩුවෙන්. හේතුව හිත නිදහස්. හිතේ කිසි බරක් නෑ. 

දැන් ඔය වයසට ගියපු ආච්චිල, මුත්තල එක්ක කතා කරල බලන්න ඒගොල්ලන්ගෙ ඇතුළ කොච්චර බරද කියල. ප්රශ්න පුදුම ගොඩක් තියෙන්නෙ. ඇයි ඒ ප්රශ්න තියෙන්නෙ? බලාපොරොත්තු වැඩියි. අර දූ මෙහෙම කළේ නෑ, මේ පුතා මෙහෙම කළේ නෑ, අරය මගෙන් ගේ ලියා ගත්ත, මට මෙච්චර සැළකුවෙ නෑ. ඔය ටික ඔක්කොම අත ඇරල දාල වෙන එකක් වෙයන් කියල ජීවත් වුනානම්, මං කියන්නෙ මේ ජීවිතේ සතුට තියෙනව කියල හැමදාම. 

කිසි කෙනෙකුගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ දවසට ජීවත් වෙනව. අපි අදට විතරයි ජීවත් වෙන්නෙ. අපි හෙට හෙට බලාගන්නව. නමුත් ඔයගොල්ලන්ට මම හිතන විදියට හිතන්න බෑ. ඒ හිතන්න බැරි මනස ගොඩක් දැඩි/ශක්තිමත් නැති නිසා. හැමතිස්සෙම අද ගැන හිතනකොට තව අවුරුදු 100කට විතර අනාගතය Plan කරල. එතකොට ජීවත් වෙන්න හම්බ වෙන්නෙ නෑ. 

පුංචි කාලෙම ඉස්කෝලෙ ගියා. සුභ/හොඳ අනාගතයක් හදා ගන්න ඕන කියල. ඊටපස්සෙ ඉස්කෝලෙ ගිහිල්ල ඉවර වෙලා රස්සාවක් කළා, වයසට ගිහිල්ල සතුටින් ඉන්න ඕන කියල. ඊටපස්සෙ වයසට ගිහිල්ල බලනකොටත් සතුට නෑ. ඊටපස්සෙ වයසට ගිහිල්ල ඉවර වෙලා ආයෙ සතුටින් ඉන්න වෙලාවක් දැන් නෑ. ජීවිතේ සතුට හැමදාම අනාගතයට කල් දානව මිනිස්සු. අනාගතයෙ සතුටින් ඉන්න තමයි Plan කරන්නෙ. හැමෝම රස්සාවල් කරන්නෙ එදා කාල බීල ඇඳල ඉන්න නෙවෙයි. තව අවුරුදු 10 කින් ඉන්න. ඉස්කෝලෙ යන්නෙ ඒ වෙලාවට ඉස්කෝලෙ ගිහිල්ල මේක ඉවර කරන්න නෙවෙයි. අවුරුදු 20 කින් විතර රස්සාවක් කරන්න. මහ අවුලක් මේ ලෝකෙ තියෙන්නෙ!!!!! 

මම කැමතියි මෙහෙම ඉන්න. අදට විතරයි. අද රෑට මැරෙනව. හෙට උදේට නැගිටිනව. එතකොට ඒක හොඳ ක්රමයක්නෙ. එතකොට මට හතුරොත් නෑ. මට මිතුරොත් නෑ. සමීපතමයොත් නෑ, දුරස්ථයොත් නෑ. මං හැමදාම අලුත්!!!!

දවසක් ගෞතම බුදු හාමුදුරුවො දේශනාවක් පවත්වල ඉවර වෙල කියනව, සඳ 🌙 උපමා කරල.

" මහණෙනි, සඳ පේනවද?"

"එසේය, ස්වාමීන් වහන්ස." 

" මේ සඳ හැම දවසකම අළුත් වෙනව. මේ සඳ කිසිම දවසක අළුත් නොවී තියෙන්නෙ නෑ. ඇයි?මාසෙ පෝයට නැති සඳ, ඊටපස්සෙ පුර පෑල වියට හීනි පුංචි සඳක්, ඊටපස්සෙ විසේනියට දෙකයි. තියවක, ජලවක, ඔහොම ඔහොම ඇවිල්ල අටවක, පසළොස්වකදි ආයෙ පිරෙනව. පසළොස්වක ඉඳල ආයෙ අඩු වෙනව. හඳ හැමදාම වෙනස් වෙනව. "

ඔය දෙසුම කරල කියනව, "මහණෙනි, සඳක් මෙන් වන්න" කියල. ඒ කියන්නෙ හැමදාම වෙනස් වෙන්න, අළුත් වෙන්න කියනව. එතකොට අපටත් පුලුවන්නම් හඳ වගේ ජීවත් වෙන්න, කිසි ප්රශ්නයක් නෑ. අපට හඳක් වගේ ජීවත් වෙන්න බැරි අපේ ඇතුළෙ ගොඩාක් ප්රශ්න තියෙනව. අපට මිත්රකම් කරපු අය, අපට හතුරුකම් කරපු අය, අපි ඔක්කොම මතක තියාගෙන/Download කරගෙන ඉන්නෙ. ඉතින් අපි හඳක් නෙවෙයි, නිකන් ඉර වගේ වෙලා තියෙන්නෙ. සඳක් මෙන් ජීවත් වෙන්න. ඒ කියන්නෙ කිසි දෙයක් ඇඟට ගන්නෙ නෑ. හැමතිස්සෙම අලුත් වෙනව. ජීවිතේ හැමතිස්සෙම අළුත්. කිසි දේකට නොබැඳී ජීවත් වෙනව. 

ආයෙ උන්වහන්සේ සූත්රයක් දේශනා කරනව, චන්දෝපම සූත්රයෙදි, මෙහෙම අහසට අත දාන්න. මෙහෙම අහසට අත දාල අහසෙ මෙහෙම අත හොල්ලනව. මෙහෙම අහසෙ අත හොල්ලල අහනව, 

" මහණෙනි, මේ අහස මගේ අතේ ගෑවෙනවද?" කියල. 

එතකොට කියනව " ස්වාමීනි, අහස ඔබ වහන්සේගෙ අතේ ගෑවෙන්නෙ නෑ" 

"අන්න ඒ වගේ මේ සම්පත් පරිහරණය කරන්න" කියනව. 

ඒක හරි ගැඹුරු කතාවක්. මේ අහසෙමයි අපි ඉන්නෙ. මේ අහසටම අපි අත දානව. මේ අහස තුළම ජීවත් වෙනව. අහසට බැඳෙන්නෙ නැතුව ඉන්නව. මේ කොච්චර දේවල් තිබුනත්, කොච්චර සැප සම්පත් තිබුනත්, කොච්චර භෞතික දේවල් තිබුනත්, අපට හැකියාව තිබිය යුතුයි, මේ කිසිම දේකට බැඳෙන්නෙ නැතුව, අර අහසෙ අත ගෑවෙන්නෙ නෑ වගේ, මේව පරිහරණය කරන්න. මම කියන්නෙ මේව තියෙන්නෙ ජීවත් වෙන්න විතරයි. මේ එකක්වත් ගෙනියන්න බෑ. තමන්ගෙ ශරීරයවත් තමුන්ට ගෙනියන්න බෑ. තමුන් ගොඩ නගාගත්ත ගැඹුරු ආධ්යාත්මය, හිත හයිය කර ගත්තොත්, අන්න ඒක අරගෙන යනව. මිනිස්සු මේ සසර පුරාවටම කරන්නෙ ආත්මය ශක්තිමත් කරන එක. ඒ ආත්මය ශක්තිමත් කරල කරල, එක්තරා අවසාන තැනකදි ඔවුන් රහත් බවට පත් වෙනව. ඒක සසර පුරුදු කරන්න ඕන. ආත්මය දුර්වල මිනිස්සුන්ට නැවත නැවත උපදින්න සිද්ධ වෙනව. ආත්මය ශක්තිමත් වෙච්ච මිනිස්සු මේකෙන් යනව. ඒගොල්ලො ආයෙ එන්නෙ නෑ. 

දැන් ඔයගොල්ලො මේ සංසාරෙ දිගට ඉපදි ඉපදි, මැරි මැරි ආවෙ,හිත දුර්වල නිසා. දෙමව්පියන්ට, සහෝදරයන්ට, දරුවන්ට, දේපළ වලට, තමන්ට, මේ හැම දේටම බැඳිලා, හිර වෙලා, ආස වෙලා ජීවත් වුනා. ඒ නිසා මැරි මැරි ඉපදුනා. කවුරුහරි කෙනෙක් කල්පනා කරනව, මං මැරි මැරි ඉපදුනේ මේ දේවල් නිසා. මං මේකෙන් ගැළවෙන්න ඕන. මං අයින් වෙන්න ඕන කියල එයා මේ හැම එකක් කෙරෙහිම මැදහත් සිතින් වාසය කරනව. මේවට ඇළෙන්නෙ නැතුව, හිර වෙන්නෙ නැතුව, බැඳෙන්නෙ නැතුව ඉන්නව. කොටු වෙන්නෙ නැතුව ඉන්නව. එතකොට ජීවිතේ ආලෝකයට පත් වෙනව. මිනිස්සුන්ගෙ ජීවිත එළිය වෙන්නෙ නැත්තෙ, මිනිස්සු හිතන විදියෙ අවුලක් තියෙන්නෙ. 

දැන් අපි කරන්න ඕන අළුතෙන් හිතන්න ඕන. අළුතෙන් හිතන්න ඕන හිත ශක්තිමත් වීම සඳහා. හිත හයිය වෙන විදියට හිතන්න ඕන. හිත දුර්වල වුනොත් කවදාකවත් ජීවිතයක් නෑ. දුර්වල හිතක් තියෙන මනුෂ්යයාට හැම තැනම ප්රශ්න. දුර්වල හිතක් තියෙන මනුෂ්යයාට හැම තැනම ගැටළු. දුර්වල හිතක් තියෙන මනුෂ්යයාට කිසිම නිදහසක් නෑ ඔළුවට. එකක් ඉවර වෙනකොට එකක්.ශක්තිමත් හිතක් තියෙන මනුෂ්යයාට කිසිම ප්රශ්නයක් නෑ. මොකද එයා කිසි දෙයක් ගණන් ගන්නෙ නෑ. අහස පොළොව කඩාගෙන වැටුනත්, " ආ. ..එකත් තවත් එකක්. එච්චරයි." 

අපි අහල තියෙනව රෝමය ගිනි ගන්න කොට නීරෝ වීණා වැයුවා කියල. අන්න ඒ වගේ හිටියනම් හරි. නීරෝ වගේ වුනානම් හරි. කිසි ප්රශ්නයක් නෑ. මේ ප්රශ්න අපිම දාල අපිම විඳවනව. මේව පොඩ්ඩක් පැත්තකින් තියන්න. පැත්තකින් තියල ජීවිතය දෙස මැදහත්ව බලන්න. හැමතිස්සෙම අවබෝධයෙන් බලන්න. මොකක්ද මේ රහස? මොකක්ද මේකෙ ඇත්ත කියල හොයන්න බලන්න. 

හැබැයි ඊළඟ ප්රශ්නය, මිනිස්සු ජීවිතේ ඇත්ත හොයන්න ගියාම හැමදාම සංස්කෘතික සීමාවක් තුළ ඇත්ත හොයනව. ඒ කියන්නෙ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගෙ ආගම විසින් කියල තියෙනව මෙන්න මේ විදියටයි හොයන්නෙ. බුද්ධාගමේ එක විදියක් කියල තියෙනව, ක්රිස්තියානියෙ තව විදියක් කියල තියෙනව, ඉස්ලාම්, හින්දු, ඒ ඒ ආගම් වල ඒ ඒ විදි කියල තියෙනව. එතකොට කරන්නෙ ඒගොල්ලො අර ආගමික විශ්වාස කෙරෙහි තියෙන භක්තිය නිසා අර පොත් වල තියෙන විදියට හොයනව. කවදාකවත් හොයන්න බෑ. 

ඒ පොතේ සත්යය සොයා ගන්න ක්රමය ඒ කාලෙට සාපේක්ෂකයි. ඒක නූතන වෙලා නැති නිසා අදට වළංගු නෑ. අද සත්යය සොයා ගන්න ඕන අද තියෙන ක්රමයට. සත්යය කියන්නෙ ලෝකයේ සංස්කෘතියක් නෙවෙයි. ඒක ආගමකුත් නෙවෙයි. ඒක විශ්වය තුළ පවතින්නා වූ එක්තරා රිද්මයක්. මේ Fan එක කැරකෙනව, මේ Light එකෙන් ආලෝකය නිකුත් වෙනව. සියල්ල එකම රිද්මයකට වැඩ කරනව. අපට ඒ රිද්මය තේරෙන්නෙ නැති වුනොත්, අපි සසරට අහු වෙලා ජීවත් වෙනව. 

කවුරුහරි කෙනෙක් සසරින් අයින් වුනා කියන්නෙ එයාට ඒ රිද්මය තේරෙනව. එතකොට එයා ඒ රිද්මයට එකතු වෙලා ඉවරයි. ඔය කතාව ටිකක් ගැඹුරුයි. ටික ටික, පොඩ්ඩ පොඩ්ඩ ජීවිත අවබෝධයට ආවොත්, අඩු තරමෙ මම කියන්නෙ බෞද්ධයෙක් වුනොත් සෝවාන් වෙන්න ඕන. නැත්නම් ඒ බෞද්ධ කමෙන් ඇති වැඩක් නෑ. ඒක නිකන් Label Buddist. Label එකක් ගහගෙන හිටිය බුද්ධාගම කියල. හැබැයි ඒකෙන් ගන්න ඕන දේ ගත්තෙ නෑ. ඊටපස්සෙ මැරිල අපායට ගියා. 

ඉතින් මට තියෙන ප්රශ්නය, ඒගොල්ලො ඇත්තටම බෞද්ධයොනම්, බුද්ධාගංකාරයොනම්, බුද්ධාගංකාරයො මැරිල අපාගත වෙනවයි? මං දන්න එකේනම් නෑ. මොකද ඒගොල්ලො ඔක්කොම දිව්ය ලෝකෙ යන්නෙත් නෑ. ඒගොල්ලො නිවන් දකිනව. බුදුවරු මනුෂ්ය ලෝකෙට එන්නෙ මිනිස්සු දිව්ය ලෝකෙ යවන්න නෙවෙයි. බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්ය ලෝකෙ යනව. 

-සිරි සමන්තභද්ර ස්වාමීන්වහන්සේ

Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.