Skip to main content

සිතට නිවනක් , කඳුලට සිනහවක්....

පසුගිය 27 සහ 28 දිනයන්හි ගාල්ල ප්‍රදේශය අවට විශේෂ ප්‍රජා සත්කාරක වැඩපිළිවෙලක්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ,සිරි සදහම් ආශ්‍රමවාසී ශිෂ්‍ය ස්වාමින්වහන්සේලා සහ තරුණ සංවිධානය මගින් සංවිධානය කරන ලදී. ඒ අනුව නොවැම්බර් මස 27 දින ගාලු ප්‍රදේශය අවට පාසල් හතරක ඉගෙනුම ලබන පාසල් දරුදැරියන් සහ ගාල්ල ධර්මදූත පිරිවෙන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා පොත්පත් හා පිරිකර බෙදා දීම සිදු කළහ. එදින රාත්‍රියේ ගාල්ල සම්බෝධි ළමා නිවාසයේ වෙසෙන අබාධිත ළමුන් සඳහා රාත්‍රී ආහාරය ආශ්‍රමයේ තරුණ සංවිධානය මගින් සූදානම් කෙරිණ. 
නොවැම්බර් මස 28 දින ගාල්ල විජයානන්ද පිරිවෙනෙහි ආර්ය මහා සංඝ රත්නය 60 නමක් විෂයෙහි උදෑසන දානයද, ගාල්ල සම්බෝධි ළමා නිවාසයේ අබාධිත ළමුන් සඳහා උදෑසන ආහාරය, වියළි ද්‍රව්‍ය සහ සෙල්ලම් භාණ්ඩ බෙදා දෙනු ලැබිණ. තවද,ආශ්‍රමවාසි සංඝයා වහන්සේලා ගාලු නගරය අවට ගෙපිළිවෙලින් පිඬුසිඟා වැඩම කළ අතර ඊට සමගාමිව සද්ධර්මය අඩංගු පොත්පත් හා සීඩී තැටි 1000ක ප්‍රමාණයක් නොමිලයේ බෙදා දෙනු ලැබුහ. අනතුරුව E.A.P සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපතිනි ගරු ආචාර්ය සෝමා එදිරිසිංහ මැතිනියගේ සසර ගමන සුවපත් වීම පිණිස ගාල්ල විජයානන්ද පිරිවෙනෙහි ආර්ය මහා සංඝ රත්නය 60 නමක් විෂයෙහි දානයක් පිරිනමන ලදී. එහිදී උන්වහන්සේලා සඳහා පිරිකරද පිරිවෙන් භික්ෂුන්වහන්සේලා 20 නමක් සඳහා පොත්පත් හා පිරිකර ද්‍රව්‍යද පූජා කෙරුණි. මේ උතුම් පිංකමට එදිරිසිංහ පවුලේ සාමාජිකයන්ද දායක වූහ. එසේම ආර්ථික දුෂ්කරතා ඇති අයෙකුට ඔහුගේ අබලන් වූ පාපැදිය වෙනුවෙට ආශ්‍රමවාසි සංඝයා වහන්සේලා මගින් නව පාපැදියක් පරිත්‍යාග කෙරුණි. ආශ්‍රමවාසී මහා සංඝයා පිඬු සිඟා වැඩීමෙන් ලැබෙන ආධාර මුදලින් ඉහත පොත් පත් සහ පා පැදිය පරිත්‍යාග කිරීම විශේෂත්වයකි.










































































Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්