Skip to main content

පන්සලෙන් ගමට....

අට පිරිකර පූජා, අනේක මල් පූජා, පළතුරු පූජා තබමින් බොරුව රජ යන්න වෙර දරන සමාජයේ උන්වහන්සේ නැති බැරි මිනිසුන් සොයා ගොස් හැකි පමණින් යමක් දී එතනින් නොනැවතී ධර්මය ජිවිතයට ගලපා ගන්න ආකාරයද පැහැදිලි කර වූ සේක....මෙවරත් උන්වහන්සේගේ අනුශාසකත්වයෙන්, සිරි සදහම් දායක පිංවතුන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙන්ම ජන සරණ පදනමේ, සම අනුග්‍රාහකත්වයෙන් මැල්සිරිපුර අවට පාසල් 9ක, ළමුන් 900 දෙනෙකු උදෙසා වටිනා පාසැල් උපකරණ ...පෙර පාසල් 7ක් සදහා සිගිති ක්‍රීඩා උපකරණ සහ සිගිති කතන්දර පොත්... පෙර පාසැල් ගුරුවරුන් සදහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය....අඩු ආදායම් පවුල් වල ළමුන් සදහා ශිෂ්‍යත්ව 20ක් ....අඩු ආදායම් පවුල් සදහා බඩු මලු 100ක්....අඩු ආදායම් පවුල් සදහා රෝද පුටු සහ පා පැදි ....යුධ හමුදා සාමාජිකයන් සදහා සනීපාරක්ෂක ද්‍රවයන්....FKC ආයතනය හා එක්ව සිදු කළ බෝ නොවන රෝග පිලිබඳ වෛද්‍ය සායනය....බෙදා දී "ගමෙන් පන්සලට" යන පූජක සංකල්පය බිද දමා "පන්සලෙන් ගමට" යන සංකල්පය රටටම ආදර්ශයක් වන සේ පෙන්වා දුන් සේක.......






























































































Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්