Skip to main content

ධාතු වන්දනාව ගැන ප්‍රසිද්ධ සංවාදයක් (මේ ඉරිදා දවල් 2.00 සජීවීව)


පසුගිය දිනයන්හි ධාතු වන්දනාව මුවාවෙන් සිඳුකළ අන්තවාදී මිත්‍යා පුදපුජාවන් පිලිබඳ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ VIP රේඩියෝ ඔස්සේ විකාශය වූ සච්ච ගවේෂී වැඩසටහන තුළින් දිගින් දිගටම හෙළිදරව් කළ අතර පසුගිය දිනයන් හි අපට අසන්නට ලැබුණ අලුත්ම පුවත නම් කරන්දෙණිය සමාධි විවේක සේනාසනයේ ධාතු වන්දනාව සඳහා සහම්පති මහා බ්‍රහ්මයා වැඩම කර ඇතැයි එහි අනුශාසක ගල්තුඩුවේ සුගුණ හිමි ගෙනගිය අසත්‍ය ප්‍රචාරයයි. මේ සඳහා නෙත් FM, මව්බිම පුවත්පත හා රිවිර යන මාධ්‍ය ඔස්සේ වැඩි ප්‍රසිද්ධියක් ලබා දුන්නද, එහෙත්, මේවා හුදු මිත්‍යා විශ්වාස බව අප සිරි සදහම් ආශ්‍රමයෙන් හෙළිදරව් කරන ලදී. මේ පිලිබඳ ගල්තුඩුවේ සුගුණ හිමි එය සත්‍යයක් බවත්, සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේ ගෙනයන මෙම වංචනික ක්‍රියා පිළිවෙත සමාජයට පෙන්වා දීමට පැමිණෙන බවත්, සියලු මාධ්‍ය ද රැගෙන 2015-06-05 දින උදෑසන 8.00 ට සිරි සදහම් ආශ්‍රමයට පැමිණෙන බව ප්‍රකාශ කර සිටියහ. එහෙත් උන්වහන්සේ එදින අප ආරාමයට පැමිණියේ නැත. පසුව අප විසින් කළ විමසීමකදී, උන්වහන්සේ පවසා සිටියේ, උන්වහන්සේට අත්‍යාවශ්‍ය රාජකාරී ඇති බවත් පැමිණිය නොහැකි බවත්ය. ඉහත කරුණු සියල්ල පිලිබඳ සළකා සිරි සදහම් ආශ්‍රමය මැදිහත්ව 2015-06-07 (ඉරිදා) හවස 2.00, සජීවී දහම් සංවාදයක් සඳහා VIP ගුවන්විදුලි නාලිකාවෙන් සුගුණ හිමියන්ට ඇරයුම් කර ඇත.ඉහත දුරකථන සංවාදයන්හි සියලු පටිගත කිරීම් අප සතුව ඇති අතර අවශ්‍ය විටකදී අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කරන්නෙමු.

Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්