Skip to main content

කොටකෙතන ඇවිලෙයි! ඇත්ත මොකක්ද?


~~~~~~~~~~~~~~~~~~~~~~
කහවත්ත කොටකෙතන ගම්මානයේ සිදුවූ ඝාතන රැල්ලේ එක් ද්විත්ව ඝාතනයක් සඳහා සැකපිට අත්අඩංගුවට ගෙන තිබු පුද්ගලයින් දෙදෙනකු පසුගිය දිනෙක අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කෙරිණි. ඊට හේතුව අදාල සැකකරුවන් වැරදි කරු ලෙස නිගමනය කිරීමට සාක්ෂි නොමැති වීමයි. ඇතැම් පුද්ගලයන් මෙම සිද්ධියේදී අධිකරණයට දෝෂාරෝපණය කලද සාක්ෂි නොමැතිව අධිකරණයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගන්නේ නැත. මෙයින් පසුව කොටකෙතන ගම්මානය නැවතත් ඇවිලී ගොස් ඇත.. ඇත්තටම මෙම සිද්ධිය පිටුපස සැඟවී ඇති සත්‍යය කුමක්ද?
මෙම කොටකෙතන ඝාතන භීතිකාව පිලිබඳ මීට පෙර සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් පැහැදිලි කල අතර එහිදී උන්වහන්සේ සඳහන් කල සිටියේ ගම්වැසියන්ගේ අධ්‍යාත්මය පිරිහී ගොස් ඇති නිසා විවිධ බලවේග මිනිස් සිත් වලට ඇතුළු වී විවිධ අපරාද නිර්මාණය කර ඇති බවයි. මෙම ගම්වැසියන් හට ශාන්තියක් උදා කරලීම පිණිස සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ ප්‍රධානත්වයෙන් සිරි සදහම් ආශ්‍රමය මගින් කොටකෙතනට සදහම් යාත්‍රාවක් දියත් කොට එම ගම්මානයේ ජනතාවගේ අධ්‍යාත්මය ශක්තිමත් කොට, විවිධ බලවේග මගින් ඇති වූ බලපෑම් ඉවත් කොට ශාන්තිය උදා කරලීමට දැවැන්ත වැඩසටහනක් සංවිධානය කර තිබුනද කොටකෙතන ගම්මානයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම එම වැඩපිළිවෙලට මුල සිටම අකුල් හෙලීමට පටන් ගත්තේය. එයට හේතුව වශයෙන් එම හිමිනම ප්‍රකාශ කල සිටියේ වරක් පිටිදුවේ සිරිධම්ම හිමි උන්වහන්සේගේ මුහුණ බලා සිනාසුනේ නැත කියායි. ඇත්තටම මෙවැනි පිරිහුණු පුද්ගලයින් ගමේ අධ්‍යාත්මයට නායකත්වය දෙන්න පටන්ගත් විට අමනුස්ස බය පමණක් නොව ඇති සියලු බලවේග ගම වෙලා නොගත්තේ නම් පුදුමයක් ය.. නමුත් ගමේ ග්‍රාමසේවක සහ විදුහල්පති මහත්වරුන් මෙම වැඩසටහනට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව පැවසුහ. සැබෑවටම ගමට ශාන්තිය උදා කරලීමට අකමැතිව සිටින්නේ යමෙක් වේ නම් ඔහු ම ගමට අරක්ගත් යක්ෂයෙක් නොවේද? ගම්මානයේ බුදුබණ දෙසීමට විරුද්ධ වන්නේ නම් ඒ කවරෙක්ද? සාක්ෂි නැති ඝාතන මාලාවේ පිටුපසින් සිටින බලවේගය සැඟවී සිටින්නේ නම් කොතනදැයි දැන් කවුරුත් දන්නා රහසකි.


Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්