Skip to main content

කොටකෙතන යක්ෂණි අල්ලයි...

ඊයේ දින (2015-05-17 ) VIP Radio Fm 94.00 ඔස්සේ පවතී සච්ච ගවේෂී සජීවී දහම් සාකච්චාවේදී කොටකෙතන සම්බන්ධව අසන්නකු නැගු පැනයට පිළිතුරු වශයෙන් සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි...


"ජූනි මස කොටකෙතන යන්නට  සියලු කටයුතු සුදානම් කළද, කොටකෙතන විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ඒ වෙනුවෙන් දැක්වූ අකමැත්ත නිසාවෙන් එම වැඩසටහන අවලංගු කරන්නට වෙනවා..." ලෙස උන්වහන්සේ ප්‍රකාශ කරමින්  තවදුරටත් කියා සිටියේ යම්කිසි ආගමික කටයුත්තක් සිදු කල යුත්තේ  ගමේ පන්සල මුලික කරගෙන මිස පාසල මුලික කරගෙන නොවන බවයි. ගමේ  ග්‍රාමසේවක මහතාද, පාසලේ විදුහල්පති තුමන්ද මේ සඳහා කැමැත්තක් දැක්වුවත් පන්සලේ කොටකෙතන පන්සලේ හාමුදුරුවන් වහන්සේ  මේ සඳහා අකමැති වීමට හේතුව ලෙස  සඳහන් කර ඇත්තේ විහිලු සහගත ලඳ බොළඳ පිළිතුරකි.
මෙම වැඩසටහන අවලංගු කිරීමත් සමග සියලු ආධාර ද්‍රවය පොලොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින දරුවන් හා පවුල් විශාල ප්‍රමාණයකට බෙදා දීමට සංවිධානය කොට ඇත. මෙම වැඩසටහන ජුනි මස 6 වැනි දින ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ මගඟු වූ කර්තව්‍ය සඳහා කුමන හෝ අයුරකින්  දායක වීමට කැමති ඔබට සිරි සදහම් ආශ්‍රමය හා සම්බන්ධ වන ලෙස දැනුම් දෙමු.
දුරකථන +9411 2 732 700
              +9477 3 686 686 


VIP රේඩියෝව ඔස්සේ කරන ලද ප්‍රකාශයට පහලින් සවන් දෙන්න....

Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්