Skip to main content

උඩුගම් බලා යාම හෙවත් සිංහනාදය....

ලොවට පරම සත්‍ය පහළ වන්නේ කාලාන්තරයකට සැරයක්ය.ඒ තාක් මිනිසුන් විවිධ මැති මතාන්තර ඔස්සේ සම්ප්‍රදායික සමාජයක් තුළ සත්‍ය අසත්‍ය පිලිබඳ, ධර්මය අධර්මය පිලිබඳ නිගමනයක් කිරීමට නොහැකිව අවිද්‍යාවෙන් අන්ධ වී ගමන් කරයි. අවිද්‍යාවෙන් පිරි ලොවට සත්‍ය ගෙනහැර දැක්වීම පහසු කටයුත්තක් නොවේ. මක් නිසාද ධර්මයේ නාමයෙන් අධර්මය පතුරවන ඇතැම් පැවිද්දන්, පූජකයන් හා පාලකයින් තම බඩගෝස්තරය රැක ගැනීම වෙනුවෙන් මිනිසුන් මුලාවට පත් කරමින් රැගෙන ආ පූජක හා පාලක වෘත්තීන් නිර්ධය ලෙස විවේචනය කර, ප්‍රබුද්ධ සමාජයක් උදෙසා පරම සත්‍ය ලොවට දේශනා කරන ගලවුම්කරුවානන් වහන්සේට විරුද්ධව සේනා බලමුළු සංවිධානය කරන නිසාය. උන්වහන්සේ අප ජිවත් වූ සමාජය තුළ ජිවත් වූවෝය. තරුණයකු ලෙස වසර 24 ක කාලයක් ජිවිතයේ සියලු සැප සම්පත් , ගිහි ජීවිතය තුළ විඳ අවසන් කළෝය. එසේම ඉවසීමෙන් සියලු දුක් වැඩ වේදනා දරාගෙන පැවිදි සමාජය තුලද වසර දහයකට වඩා වැඩි කාලයක් ගත කළෝය. නමුත් එයද ගිහි සමාජයේ මිනිසුන් කටයුතු කරනවා සේම, විවිධ භෞතික දෑ චාරිත්‍ර-වාරිත්‍ර හා පුද පුජා කරමින් පවත්වාගෙන යන තවත් එක් ජිවන ක්‍රමයක් ම බව ප්‍රත්‍යක්ෂ කළෝය. පොත් කටපාඩම් කරමින් පුදපුජා පවත්වමින්, සමාජයේ ආධිපත්‍ය දිනාගත් බ්‍රාහ්මණයන් හා ජෛනයන් එදා ගෞතම බුදුන් වහන්සේට විවිධ චෝදනා එල්ල කළා සේම නිදහසේ සිතමින් සමාජයට සත්‍ය පෙන්වා දුන් උන්වහන්සේටද, ගිහි සමාජයෙන් මෙන්ම පැවිදි සමාජයෙන් ද තදබල ලෙස බොරු චෝදනා අපහාස නින්දා එල්ල විය. එහෙත් අවසානයේ ජද්දන්ත කුලයේ මහා හස්ති රාජයෙකු මෙන් සියලු අභියෝග වලට මුහුණ දුන් උතුමාණෝ මල් යහනාවක් මත නොව අකුණු ගසමින් ගිගුම් දෙන මොරසුරන වැසි ඇති රාත්‍රියක ලොව පවතින්නා වූ පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කොට ලොව්තුරු සුවයට පත්විය. මේතාක් මාධ්‍ය මගින් පල නොකොට සඟවන ලද ලිපි කිහිපයක්ද ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර මහා ස්වාමින්වහන්සේගේ ජන්මදින පිංකම වෙනුවෙන් සින්දු කරන ලද මහා දානය හෑල්ලුවට ලක් කරමින් මහා නායක,අනෙකුත් හිමිවරුන් හා පුවත් පත් මඟින් කරන ලද නින්දිත ද්වේශ සහගත ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කළ නමුත් ඒ ඉදිරියේ නිර්ලජ්ජිතව පලාගිය ඒ හිමිවරුන් මේ වන විටත් කිසිඳු පිළිතුරක් ලබා දී නොමැති ලිපි ඇසුරින් මෙම ග්‍රන්ථය එළිදක්වන ලදී...

Comments

Popular posts from this blog

හොඳ රටක් කියන්නේ සල්ලි සම්පත් නෙමෙයි.

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් සිරි සදහම් ආශ්‍රමය තුල සංවිධානය කල පින්කම් මාලාවේ තවත් අංගයක් ලෙස "උඩුගම් බලා යාම හෙවත් සිංහ නාදය" ග්‍රන්ථය එලි දැක්වීම සිදු කෙරිණි. ඒ අවස්ථාවේදී සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, වත්මන් මාධ්‍යකරණය විසින් ලාංකේය සමාජය මොට කරවන බව උන්වහන්සේ එහිදී පැහැදිලි කර දුන්හ.  තමන්වහන්සේට එරෙහිව සිදු කරන ලද මාධ්‍ය දඩයම ගැන ද සියල්ලම උන්වහන්සේ විසින් එම අවස්ථාවේදී හෙළි කරන ලදී. එමෙන්ම TNL රූපවාහිනියේ විකාශනය වූ ඊනියා අවිහිංසා වාදී වැඩසටහකදී අතිශය පහත් ලෙස මිනිසුන් නොමග යැවීම සඳහා සිරි සදහම් ආශ්‍රමය පිළිබඳවත්, සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ පිළිබඳවත්, එහි උපාසක උපාසිකාවන් ගැනත් අතිශය පහත් සහ කිසිදු පදනමක් නොමැති අමුලික බොරු නිර්මාණය කොට ප්‍රකාශ කල වෛද්‍යවරයෙක් ලෙස හඳුන්වා ගන්නා අසංක විජේරත්නත්, අවිහිංසාවාදී සංගමයේ සභාපති නිහාල් විජේරත්න මහතාටත් සහ භික්ෂුවක් ලෙසින් පෙනී සිටි කොත්මලේ ධම්මප්‍රිය හිමිටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිරි සදහම් ආශ්‍රමය පියවර ගන්නා ලදී. එහිදී කෝටි 25ක වන්දියක් එම චෝදනා අසත්‍යය යයි සනාථ ව

සිරි සදහම් ආශ්‍රමයේ දන්සල

සිරි සදහම් ආශ්‍රමය මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන කිරි කෝපි දන්සල 2015.05.04 දා පවත්වන ලදී. එයට අමතරව පැමිණෙන සියල්ලන්ටම  සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ විසින් රචිත දහම් පොත පත සහ දේශනා ඇතුලත් සංයුක්ත තැටි නොමිලයේ බෙදා දෙන ලදී. එම අවස්ථාව සහ ආශ්‍රම භූමියේ පවත්වන ලද තවත් අංග ඇතුලත් ඡායාරූප පහතින්.

බුද්ධාගමේ අය විතරක් නෙවෙයි දිව්‍ය ලෝකෙ යන්නෙ. හින්දු ආගමේ අයත් දිව්‍ය ලෝකෙ යනව.

  මේ මනුස්සයෙකුට මනුෂ් ‍ ය ජීවිතේ පුරාවටම චරිත ගොඩක් තියෙනව රඟපාන්න. පොඩි කාලෙ ඉස්කෝලෙ යන චරිතයක් තියෙනව රඟපාන්න. ඊට පස්සෙ තරුණ කාලෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මැදි වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ මහළු වයසෙ චරිතයක් රඟපාන්න ඕන. ඊටපස්සෙ අන්තිම කාලෙ රඟපාල මැරෙන්න ඕන.   දැන් මේ රඟපාන්න අපට උපදෙස් දෙන්නෙ කවුද? හොඳට බලන්න මං මේ කියන ඒව හොයල. අපි මේ ලෝකෙ ජීවත් වෙනකොට අපේ සීයල, ආච්චිල, නැන්දල, මාමල, අම්මල, තාත්තල, වයසට යන විදිය අපි බලන් ඉන්නව. ඒගොල්ලන්ගෙන් තමයි අපි Data ගන්නෙ. හොඳට මං මේ කියන කාරණා නිරීක්ෂණය කරන්න. ඔයගොල්ලො ඔක්කොම වයසට යන්නෙ ඔයගොල්ලන්ගෙ තාත්තල වයසට ගියපු විදියට, ආච්ව්ල වයසට ගියපු විදියට. අම්මල වයසට ගියපු විදියට. මට මේව පුංචි කාලෙම තේරුන. මට තේරුනා මිනිස්සු වයසට යන්න මොකක්ද අවුලක් තියෙනව මේ අපි දකින ලෝකය තුළ. ඒගොල්ලො වයසට යන්නෙ බාහිර සමාජයෙන් ගත්ත දත්ත වලට සාපේක්ෂව.  මට බැරිද මෙහෙම කරන්න? කිසි දවසක වයසට යන්නෙ නැතුව ඉන්න දහමක් හොයා ගන්න? කිසි දවසක වයසට යන්න නැතුව ඉන්න ක් ‍ රමයක් හොයා ගන්න. අපි දැන් ඒක හොයල ඉවරයි. ඒකෙ කිසි කෙනෙක් අනුකරණය කරන්නෙ නෑ. කිසි කෙනෙක් දිහා බලන් ඉඳල දත්